Wednesday, October 3, 2018

අපේ දත්ත විකිණෙන හැටි



මුලින්ම කියන්න ඕනේ, මේ ලිපිය මුලින්ම මම android වැඩකාරයෝ ෆේස්බුක් පිටුවේ පල කරපු බව. ඒ ලිපියම පොඩි පොඩි සංශෝධන සහිතව මෙතන පල කරන්නම්.

හැමෝම මේ දවස්වල නොමිලේ රීලෝඩ් දෙන app ගැන කතාකරන නිසා මම දන්නා දේවල් ටිකක් කියන්න හිතුනා. මේ ගැන දැනගන්න කැමති අයට මේකෙන් ප්‍රයෝජනයක් ලැබෙයි කියලා හිතනවා.

දැන් මේ කියන්න යන්නේ නොමිලේ දෙන දේවල් ගැන නේ. ඇත්තටම අපි අන්තර්ජාලය භාවිතා කලාට, ඔයාල නොදන්නවා ඇති, අපි මේ ඉන්නේ ලෝකයේ තියන ලොකුම ව්‍යාපාරයක් ඇතුලේ. එතකොට ඇත්තටම අපි මේ කරන්න එක්තරා විදිහකට ලෝකේ ලොකුම Shopping Mall එකේ සැරිසරන එක වගේ වැඩක්.


ආයුබෝවන්...

ඔන්න ඉතින් ආයුබෝවන් කියල අලුතෙන්ම පටන් ගන්න යන්නේ මේ වැඩේ. කාලයක් හිතාගෙන හිටියා දන්නා දේ කියල දෙන්න පුළුවන් විදිහට  යමක් කරන්න. ඉතින් දැන් තමයි ඔන්න හරියටම පටන්ගන්නේ. මේක කියවන ඔයාල මේ දේවල් වටිනවානම් කොමෙන්ට් එකකින්, ලයික් එකකින් මට සහය දෙන්න. මම දන්නා, අමාරුවෙන් ඉගෙනගත්ත දේවල් ඔයාලට කියලා දෙන්න තමයි උත්සහ කරන්නේ.  ඒ නිසා ඔයාලගේ වටිනා අදහස් මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න ගොඩක් වැදගත් වෙනවා.

එහෙමනම්, තාක්ෂණය උදව් කරගෙන කරන්න පුළුවන් වටිනා කියන දේවල් ගැන, ඒ වගේම ඔයාලා නොදන්නා තොරතුරු දැනගන්න එකතු වෙලා ඉන්න.

හැමෝටම ජයවේවා.